නිර්වින්දනය

කිසියම් ඹෟෂධ වර්ගයක් භාවිතාකර ශරීරයේ යම් ප්‍රදේශයක් හිරිවැට්ටවීම ස්ථානීය නිර්වින්දනය වේ. මෙම ඹෟෂධ වේදනාකාරී අවස්ථා වලදි, සැත්කමක් හෝ ක්‍රියාවලියක් අතරතුර වේදනාව සමනයට, සැත්කමකින් පසු වේදනාව සමනයට භාවිතා කල හැක. සාමාන්‍යය නිර්වින්දනය මෙන් ස්ථානීය නිර්වින්දනය ඔබව අසිහියට පත් කිරීමට හේතු නොවේ. එයින් අදහස් වන්නේ මෙය සාමාන්‍යයෙන් ආරක්ෂිත බවයි., විශේෂිත වූ පෙර සූදානමක් අවශ්‍ය නොවේ, ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වේ.

ස්ථානීය නිර්වින්දනය ක්‍රියා කරන ආකාරය

ස්ථානීය නිර්වින්දනය මඟින් ඔබේ ශරීරයේ කොටසක සිට මොළය දක්වා සංඥා ගමන් කිරීම නවත්වනු ලැබේ. ස්ථානීය නිර්වින්දනයක් ලබාදුන් පසු වේදනාව නොදැනෙනමුත් පීඩනය හා චලනය දැනේ. ස්ථානීය නිර්වින්දනය ලබාදුන් ප්‍රදේශයේ දැනීම නැති වී යාමට මිනිත්තු කිහිපයක පමණ කාලයක් ගතවේ. ඹෟෂධ පහව ගොස් පැය කිහිපයකට පසු සම්පූර්ණ සංවේදනය ආපසු ලැබිය යුතුය.

ස්ථානීය නිර්වින්දනය භාවිතා කරන ආකාරය

ස්ථානීය නිර්වින්දනය සාමාන්‍යයෙන් දන්ත වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු සහ අනෙක් වෛද්‍යවරු විසින්ද ලබාදෙනු ලැබේ. සමහර ඖෂධ වල ස්ථානීය නිර්වින්දනය අඩුවෙන් අඩංගු අතර ඒවා බෙහෙත් වට්ටෝරුවක් මඟින් ඔසු සලකින් ලබාගත හැක. ස්ථානීය නිර්වින්දනය ලබා දීමට යන හේතුව මත, සාමාන්‍යය නිර්වින්දනය එන්නත්, ආලේපන, ජෙල්, ස්ප්‍රේ , විලවුන් ලෙස ලබා දිය හැක. ස්ථානීය නිර්වින්දනය‍ේ, සමහර ප්‍රධාන භාවිතයන් මෙම කොටස්‍ෙ විස්තර කර ඇත. වේදනාවට ප්‍රතිකාර, මුඛ වණ</1,> සහ උගුරේ වේදනාව, වැනි තරමක් වේදනාකාරී තත්ත්වයන්ට වෛද්‍යවරයකු ගේ නිර්දේශයෙන් තොරව ඔසුසල් වලින් ලබාගත හැකි , ජෙල් සහ බිඳිති අඩංගු ස්ථානීය නිර්වින්දන මඟින් ප්‍රතිකාර කරනු ලැබේ. ස්ථානීය නිර්වින්දන එන්නත් හා ස්ටෙරොයිඩ් ඖෂධ, වඩාත් බරපතල තත්ව සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කල හැක, උදාහරණයක් ලෙස දිගු කාලීන සන්ධි වේදනාව. සැත්කම අතරතුර හා පසු වේදනාව වළක්වා ගැනීම සාමාන්‍යයෙන් එන්නත් මගින් ලබා දෙන ස්ථානීය නිර්වින්දන, සහනය ගෙන දෙන ඖෂධ සමග සැත්කමක් හෝ ක්‍රියාවලියක් අතර ඔබව ලිහිල්ව තබා ගැනීමට භාවිතා කල හැක. ස්ථානීය නිර්වින්දන සාමාන්‍යයෙන් සරල ක්‍රියාවලි සඳහා භාවිතා වේ. ඒවා නම්:

ඇතැම් විට, මොළයේ සැත්කම් වැනි ඔබ සැත්කම තුළ අවදි වී සිටින සැත්කම සඳහා ස්ථානීය නිර්වින්දනය භාවිතාකරයි. තවද සාමාන්‍යය නිර්වින්දනය යටතේ සිදු කල බරපතල ශල්‍යකර්ම අවසන් වු විට වේදනාව සමනය කිරිම සඳහා ස්ථානීය නිර්වින්දනය යොදාගනි. එපිඩියුරල් හා කශේරුක නිර්වින්දන එපිඩියුරල් නිර්වින්දනය, බොහෝ විට එපිඩියුරල් ලෙස හඳුන්වන අතර එහිදී ස්ථානීය නිර්වින්දනය දිගින් දිගටම නලයක් හරහා පිට කොන්ද‍ේ එපිඩියුරල් අවකාශයට එන්නත් මඟින් ලබාදේ. කශේරුක නිර්වින්දනයක් යනු පිට කොන්ද‍ේ අවකාශයක් තුළට එන්නතක් ලබා දීමෙන් ඇතිවන නිර්වින්දනයයි. මෙම ක්‍රම දෙක මඟින් ශරීරයේ විශාල ප්‍රදේශයක් හිරිවැට්ටවිය හැකි අතර එය සිදු කරනුයේ වේදනාවට අදාල සංඥා සුසුම්නාව තුළින් ප්‍රවාහනය වැළැක්වීම මඟිනි. මෙය බොහෝ දුරට දරු ප්‍රසූතියේදි ඇතිවන ප්‍රසූත වේදනාව සමනයට යොදාගනි. නැතහොත් සීසර් සැත්කම් වලට අවශ්‍ය වේ. එය සමහර සැත්කම වලදි ලබාදෙන සාමාන්‍යය නිර්වින්දන ප්‍රමාණය අඩු කිරීමට භාවිතාකල හැකි අතර අවසානය‍ේදි වේදනා නාශනය ද ලබාදේ. දණහිස සහ උකුල් ඇටය ආදේශය වැනි,සමහර සැත්කම් වර්ග වලදි, සාමාන්‍යය නිර්වින්දනය වෙනුවට භාවිතා කළ හැක. පර්යන්ත ස්නායු බාධා කිරීම් ස්නායු වාරණ/බාධා කිරිමේ එන්නත් අත්ල‍, අත හෝ කකුල වැනි යම් ශරීරයේ කොටසක හිරිවැටීම් ලෙස ස්ථානීය නිර්වින්දනය ඇති කිරීමට යොදාගනි. එය සාමාන්‍ය නිර්වින්දනයකින් (general anaesthesia) තොරව සිදු කළ හැකි සැත්කම් සඳහා හෝ සැත්කම අවසානය‍ේදි වේදනා නාශනය ලබා දීම සඳහා භාවිතා කරයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් (ultrasound scan) බොහෝ විට නිවැරදි ස්නායුව හඳුනාගැනීම සඳහා භාවිතා වේ. එන්නත වේදනාකාරී නොවන අතර සම්පූර්ණ ප්‍රතිඵල ලබා දීමට විනාඩි 30 පමණ ගත වේ. සාමාන්‍යය නිර්වින්දනය වෙනුවට පර්යන්ත ස්නායු බාධා කිරීම්,එපිඩියුරල් නිර්වින්දන හෝ කශේරුක නිර්වින්දනය ලබාදුන් විට ,එය නිදිමත හා ලිහිල් බවක් සමඟ වේදනා සමනය ලබා දේ.

අවදානම් සහ අතුරු ආබාධ

ස්ථානීය නිර්වින්දනය ඉතා ආරක්ෂිත වන අතර බරපතල ගැටළු ඉතා දුර්ලභ ය. ඔබ ට පහත රෝග ලක්ෂණ ද ඇතිවිය හැක:

  • එන්නත ලබාදෙන විට ඇතිවන අපහසුතා
  • ඹෟෂධය ක්‍රමයෙන් පහව යන විට පොපියන ස්වාභාවයක් ඇතිවීම
  • සමහරවිට එන්නත් ලබා දෙන ලද ස්ථානයේ සුළු තැලීම්, රුධිර වහනය හෝ දිය බුබුළු ඇතිවීම

ඔබ සැලකිය යුතු මට්ටමේ අතුරු ආබාධ වලට මුහුණ නොදිය යුතුයි. නිර්වින්දනය පහව යන තුරු ඔබ ප්‍රවේශමෙන් චලනය විය යුතුය. එසේ නොමැති නම් ඔබටම තුවාල විය හැක. සමහර පුද්ගලයන් ස්ථානීය නිර්වින්දනය‍ේ තාවකාලික අතුරු ආබාධ වලට මුහුණ දේ. ඒවා නම්:

මෙම ගැටළු සාමාන්‍යයෙන් ඉවත්ව යන අතර, ඔබ කිසියම් ගැටලුවකට මුහුණ දෙන්නේ නම් ඔබේ සෞඛ්‍යය වෘත්තිකයා හට දැනුම් දෙන්න. ඉතා දුර්ලභ අවස්ථාවල දී, ඔබට ස්ථානීය නිර්වින්දනයට ආසාත්මිකතා හෝ වලිප්පුව, හෘද අකර්මණ්‍ය වීම ( හෘදය මගින් සිරුර පුරා රුධිරය පොම්ප කිරීම නැවැති්ම) වැනි බරපතල ගැටලු ඇතිවිය හැක.